බංග්ලාදේශයට මොකක් වෙයිද ? තීරණය අද රාත්‍රියේ
බංග්ලාදේශයේ අන්තර්වාර රජයක් සම්බන්ධයෙන් විසඳුමක් අද (05) රාත්‍රියේ ලබා ගැනීමට අපේක්ෂා කරන බව එරට හමුදා ප්‍රධානී ජෙනරාල් Waker-Uz-Zaman විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සඳහන් කළා.
මේවන විට බංග්ලාදේශය පවතින්නේ එරට හමුදා ප්‍රධානී ජෙනරාල් Waker-Uz-Zaman යටතේයි.
සිය ධූරයෙන් ඉවත් වූ හිටපු අගමැතිනි ෂීක් හසීනා ඉන්දියාවේ ත්‍රිපුර ප්‍රාන්තයේ අගර්තාලා නගරය වෙත පලාගොස් ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ.