බංග්ලාදේශ අරගලකරුවන් හිටපු ක්‍රිකට් නායකයාගේ ගෙදරටත් ගිනි තියලා
අගමැතිනි ෂේක් හසීනා ඉල්ලා අස්වී, රට හැර යාමෙන් පසු රට තුළ දැඩි ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
විරෝධතාකරුවන් බංග්ලාදේශ හිටපු ක්‍රිකට් නායක මෂ්රෆි බින් මොර්ටාසාගේ නිවසට ගිනි තබා ඇති බවද එම වාර්තාවල සඳහන්.
මෙම වසර මුලදී බංග්ලාදේශයේ පැවැති මහ මැතිවරණයේදී අවාමි ලීග් අපේක්ෂකයකු ලෙස අඛණ්ඩව දෙවැනි වරටත් ආසනය දිනාගත් මොර්ටාසා කුල්නා කොට්ඨාශයේ නරායිල්-2 මැතිවරණ කොට්ඨාශයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.
එරට ජනමාධ්‍ය වාර්තා කළේ දැවැන්ත ශිෂ්‍ය විරෝධතාවලින් පසු ෂීක් හසීනා රටින් පිටතට පියාසර කිරීමෙන් පසු විරෝධතාකරුවන් මොර්ටාසාගේ නිවස විනාශ කර ගිනිතැබූ බවයි.
මොර්ටාසා බංගලාදේශය වෙනුවෙන් තරග 117කදී නායකත්වය ලබාදී ඇත.