ජනපති රනිල්ගේ ආශිර්වාද පූජාවකට රජයේ නිලධාරීනුත් කැඳවලා

ජනපති රනිල්ගේ ආශිර්වාද පූජාවකට රජයේ නිලධාරීනුත් කැඳවලා

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පැෆ්රල් සංවිධානය වෙත ලැබී ඇති පැමිණිලිවලින් 99%ක්ම රාජ්‍ය බලය සහ රාජ්‍ය දේපළ අවභාවිත කිරීම සම්බන්ධයෙන් බව එම සංවිධානය පවසනවා.

ඊයේ (08) මාධ්‍ය හුමවක් කැඳවමින් එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා අනාවරණය කලේ එළඹෙන 10වනදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් පවත්වන ආශිර්වාද පූජාවක් සඳහා දිස්ත්‍රික් හා ප්‍රා‍දේශීය ලේකම්වරුන් කැඳවා ඇති බවයි.

මේ අතර, 2024 ජනාධිපතිවරණයට ආදළ ඇප තැන්පත් කිරිම ලබන 14 වැනිදා දහවල් 12ට අවසන් වීමට නියමිතයි.

මේ වන විට මෙවර ජනාධිපතිවරණයට අදාලව අපේක්ෂකයින්22 දෙනෙකු ඇප තැන්පත් කර තිබෙන බව මැතිවරන කොමිසම නිවේදනය කළා.

ජනාධිපතිවරණයට අදාළ නාම යෝජනා කැදවිම ලබන 15 වැනිදා පෙරවරු 9 සිට 11දක්වා සිදුකිරිමට නියමිතයි.

COMMENTS