විශ්‍රාමික දීමනාව ඔක්තෝබර් සිට

විශ්‍රාමික දීමනාව ඔක්තෝබර් සිට

විශ්‍රාමිකයන්ට ගෙවීමට නියමිත රුපියල් තුන්දහසක අන්තර් කාලීන දීමනාව ඡන්දයෙන් පසු ගෙවන ලෙස මැතිවරණ කොමිෂන් සභාව රජයේ ප්‍රධානීන්ට ඊයේ (09) දැනුම් දී තිබෙනවා.

ඒ අනුව ලබන ඔක්තෝබර් මාසයේදී සැප්තැම්බර් දීමනාව ද සමග වාරික දෙකම එකට ගෙවන ලෙසයි දැනුම් දී ඇත්තේ.

මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ සිය නියෝගය නොතකා එම දීමනාව ගෙවන ලෙසට අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම් දීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලබන 12 වැනිදාට පෙර කරුණු පැහැදිලි කිරීමක් කරන ලෙසයි.

COMMENTS