ආනයනික දෙවන බිත්තර තොගය මේ මාසේ ලංකාවට

ආනයනික දෙවන බිත්තර තොගය මේ මාසේ ලංකාවට

ආනයනික දෙවන බිත්තර තොගය මේ මාසයේදී මෙරටට ලැබීමට නියමිතව තිබෙනවා.

ඒ අනූව ඉන්දියාවෙන් ගෙන්වන කෝටි තුනක් වූ බිත්තර ඉදිරියේදී වෙළඳපොලට ඉදිරිපත් කරන බවයි රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසන්නේ.

ආනයනය කරන නව බිත්තර තොගය ලංකා සතොස හරහා ජනතාවට අලෙවි කිරීමට නියමිතයි.

දෙවන බිත්තර තොගය ආනයනය කිරීමට අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය මේ වනවිටත් සිදුවන බව‍යි රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පෙන්වා දෙන්නේ.

දැනට දේශීය වෙළදපොළේ බිත්තරයක් රුපියල් 50 ඉක්මවා අළෙවි කිරීම නිසා යළි බිත්තර ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබුණා.

මේ අනූව දේශීය බිත්තර වෙළෙඳුන් අසීමිත ලෙස බිත්තරවලින් ලාභයක් උපයන බවයි වාර්තා වන්නේ.

මේ අතර බිත්තර ආනයනය නතර කිරීමත් සමග වැඩි මිලට බිත්තර අලෙවි කොට පාරිභෝගිකයන් ගසාකෑ බවත් ඉන් පාරිභෝගිකයින්ට විශාල අසාධාරණයක් සිදු වූ බවයි රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර පෙන්වා දෙන්නේ.

COMMENTS