කමලා හැරිස් ජනපති අපේක්ෂකත්වය නිල වශයෙන් භාරගනී

කමලා හැරිස් ජනපති අපේක්ෂකත්වය නිල වශයෙන් භාරගනී

ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ලෙස නම් කර සිටින කමලා හැරිස් සිය අපේක්ෂකත්වය නිල වශයෙන් භාරගෙන තිබෙනවා.

ඒ, ඊයේ චිකාගෝ හි පැවති පක්ෂ සම්මේලනයේදියි. මෙහිදී යහපත් ආර්ථිකයක් නිර්මාණය කරන බවටත්, කම්කරු පන්තියේ අභිලාෂයන් ඉටුකරනා බවටත් ඇය ප්‍රතිඥා ලබාදී තිබෙනවා.

මේ අතර රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කමලා හැරිස් අතර තියුණු මැතිවරණ සටනක් පැවතිය හැකි බවට එරට සිදුකළ මැතිවරණ සමීක්ෂණවලින් මේ වනවිට අනාවරණ වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

https://shorturl.at/8njlj

COMMENTS