රට පොහොසත් කිරීමේ අභියෝගය අපි භාර ගැනීමට සුදානම් -අනුර

රට පොහොසත් කිරීමේ අභියෝගය අපි භාර ගැනීමට සුදානම් -අනුර

රට පොහොසත් කිරීමේ අභියෝගය ජාතික ජන බලවේගය භාර ගැනීමට සූදානම් බව ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්තී අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ආයුර්වේද, සංචාරක, ඛනිජ යන ක්ෂේත්‍රවලින් ලෝක වෙළදපලේ වැඩි පංගුවක් අත්කර ගැනීම සදහා වන සැළසුම් ජාතික ජල බලවේගය සකස් කර ඇති බවයි ඒ මහතා අවධාරණය කළේ.

ජාතික ජන බලවේගය බැංකු හා මූල්‍ය වෘත්තිකයින්ගේ ජාතික සමුළුවට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළකළා.

තොරතුරු තාක්ෂණය සදහා වැඩි අවධානය යොමුකළ යුතු අතර දියුණු ශ්‍රම වෙළදපොලෙන් වැඩි කොටසක් ලබා ගැනීමට අධ්‍යාපන ක්ෂේත්‍රය ශක්තිමත් කළ යුතු බවයි අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේ.

ජාතික ජන බලවේගය නියෝජනය කරන තවත් කිහිප දෙනෙකු මෙහිදී අදහස් දැක්වූවා.

මේ අතර ජාතික ජන බලවේගයේ මාලිගාවත්ත කාන්තා සමුළුව පී ඩී සිරිසේන ක්‍රීඩාංගනයේ දී පැවැත්වුණා.

ඒ ගැහුණු බලය එක මිටකට යන තේමාවෙන්. පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය මහත්මිය ඇතුළු නියෝජිතයින් රැසක් මෙම සමුළුවට එක්ව සිටියා.

COMMENTS