හිටපු අමාත්‍ය ෆවුසිට වසර 10කට අත්හිටවූ වසර 02ක සිර දඬුවම්

හිටපු අමාත්‍ය ෆවුසිට වසර 10කට අත්හිටවූ වසර 02ක සිර දඬුවම්

අමාත්‍යවරයෙකුව සිටියදී රජයට අයත් මෝටර් රථයක් පෞද්ගලික පරිහරණයට යොදා ගැනීම ඇතුලු චෝදනා 4 කට වරදකරු කෙරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. එච්. එම්. ෆවුසිට කොළඹ මහාධිකරණය විසින් වසර 02 ක බරපතල වැඩ සහිත සිරදඩුවම් නියම කෙරුණා.

එම දඩුවම වසර 10 ක කාලයකට අත්හිටවූ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ, රුපියල් ලක්ෂ 4 ක දඩයක් ගෙවන ලෙසයි මන්ත්‍රීවරයාට නියෝග කළේ.

2010 වසරේදී ආපදා කළමණාකරණ අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටිියදී රුපියල් කෝටි 2 කට අධික වටිනාකමකින් යුත් මෝටර් රථයක්, සිය පෞද්ගලික පරිහරණයට යොදා ගැනීම, ඒ සදහා අමාත්‍යාංශ ලේකම්වරිය ඇතුලු නිලධාරීන් පෙළඹවීම මෙන්ම මෝටර් රථයේ නඩත්තු සදහා රුපියල් ලක්ෂ 10 කට ආසන්න මුදලක් අමාත්‍යාංශ මුදලින් වැය කිරීම ඇතුලු අධි චෝදනා 4 ක් යටතේ ඔහුට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබුණා.

වරද පිලිගැනීම හේතුවෙනුයි ඔහුට මහාධිකරණය මෙම දඩුවම ලබා දුන්නේ.