ඡන්දය දුන් නොදුන් ජනතාවට මම ආදරෙයි – අනුර
ඡන්දය දුන් මෙන්ම ඡන්දය නොදුන් ජනතාවටද ආදරය කරන පාලනයක් ජනාධිපතිවරණ ජයග්රහණයෙන් පසු ජාතික ජනබලවේගය රට තුළ ගෙන යන බව එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ඒ සඳහා එකට එක්ව පෙළගැසෙන ලෙසයි අනුර කුමාර දිසානාක මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
රට අනුරට ජනරැලි මාලාවේ තවත් ජන රැලියක් කුරුණෑගල නගරයේදී පැවැත්වුණා.
ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්රී අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් පැවති එම ජන රැළියට විශාල පිරිසක් එක්ව සිටියා.