ජනාධිපතිවරණයේ ප්‍රචාරණ කටයුතු අවසන් වීමෙන් පසු සමාජ මාධ්‍යයට විශේෂ වැඩපිළිවෙළක්

ජනාධිපතිවරණයේ ප්‍රචාරණ කටයුතු අවසන් වීමෙන් පසු සමාජ මාධ්‍යයට විශේෂ වැඩපිළිවෙළක්

මෙවර ජනාධිපතිවරණයේ ප්‍රචාරණ කටයුතු අවසන් වූ පසු සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරනු ලබන ප්‍රචාරයන් වැළැක්වීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇති බව මැතිවරණ කොමිසම පවසනවා.

ඒ අනුව නිහඬ කාලසීමාවේ කිසිදු ප්‍රචාරණයක් සිදුකිරීමට නීතියෙන් තහනම් බවයි එහි සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහාතා පවසන්නේ.

එමෙන්ම ඇතැම් පිරිස් සමාජ මාධ්‍ය යොදා ගනිමින් නීතිවිරෝධීව ජනාධිපතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට කටයුතු කරන බවට තොරතුරු ලැබී ඇති බව ඔහු වැඩි දුරටත් කියා සිටියා.

COMMENTS