කමිඳුගෙන් ශතකයක්

කමිඳුගෙන් ශතකයක්

තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා – නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (18) උදෑසන 10ට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වූවා.

එහිදී කමිඳු මෙන්ඩිස් ශතකයක් වාර්තා කිරීමට සමත් වුණා. ඒ පන්දු 145කදී ලකුණු 101ක් රැස් කරමින්.

ඒ අනුව ශ්‍රී ලංකාව වෙනුවෙන් අඩුම තරග සංඛ්‍යාවකදී වැඩිම ශතක සංඛ්‍යාවක් ලබා ගත් ක්‍රීඩකයා බවටද පත් වීමට ඔහු සමත් වුණා. ඒ ඉනිම් 11කදී ශතක 04ක් ලබා ගනිමින්.

මේ අතර කමිඳු මෙන්ඩිස් සිය ප්‍රථම තරගයේ සිට නොකඩවා වැඩිම වාර ගණනකදී අර්ධ ශතක සම්පූර්ණ කර ගත් ක්‍රීඩකයන් අතර සමතැන හිමිකර ගැනීමට ද සමත් වුණා.

ඔහු මෙසේ සමතැන හිමිකර ගත්තේ, පාකිස්තාන ක්‍රීඩක සෞද් ශකීල් සමගින්.

COMMENTS