අනුරගේ ජයග්‍රහණයට හර්ෂගෙන් සුබපැතුම්

අනුරගේ ජයග්‍රහණයට හර්ෂගෙන් සුබපැතුම්

නව වැනි විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා වූ ජනාධිපතිවරණයෙන් ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක ජයග්‍රහණය කර ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.

සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ, මෙතෙක් නිකුත් වී ඇති ඡන්ද ප්‍රතිපල අනුව ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක ජය ගනු ඇති බවයි.

ඒ අනුව ඔහු සිය සුභාශිංෂනය ද එම පණිවිඩය හරහා එක් කරනවා.

මේ අතර වාර්තා වන්නේ සමස්ත ඡන්ද ප්‍රතිපල නිකුත් වීමෙන් අනතුරුව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා බොහෝ විට අද පස්වරුව වන විට ශ්‍රී ලංකාවේ නව වැනි ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙන බවයි.

COMMENTS