ජනපති අනුරට ඇමරිකාවෙන් සුබ පැතුම්

ජනාධිපතිවරණයෙන් ජයගෙන මෙරට නමවන ජනපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායකට සුබ පතමින් අමෙරිකානු තානාපතිනී ජුලී චංග් පණිවිඩයක් නිකුත්කර තිබෙනවා.
ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සාමකාමීව ක්‍රියාත්මක කිරීම ගැන අපි ශ්‍රී ලාංකික ජනතාවටද සුබ පතන බවද එම පණිවිඩියේ සඳහන්.
එමෙන්ම, ශක්තිමත් එක්සත් ජනපද – ශ්‍රී ලංකා හවුල්කාරිත්වය අගය කරන බවත් හවුල් ප්‍රමුඛතා මත එකට වැඩ කිරීමට සූදානම්ව සිටින බවත් අමෙරිකානු තානාපතිනී ජුලී චංග් නිකුත් කළ පණිවිඩයේ සඳහන්.


