නව ජනපති අනුරට රටවල් රැසකින් සුබපැතුම්

අභිනව ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායකට රටවල් රැසකින් සුබපැතුම් එක් කර තිබෙනවා.
අසල්වැසි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, සිය එක්ස් ගිණුම ඔස්සේ සුබපතමින් ප්‍රකාශ කළේ කුමන පාලකයෙකු පත්වුවද ශ්‍රී ලංකාව සමග අඛන්ඩව සහයෝගයෙන් කටයුතු කරන බවයි.
එමෙන්ම ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවී සිය සුබපැතුම් එක්කර තිබෙනවා.
ඊට අමතරව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලි චන්ග් සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් සුබපැතුම් එක් කර තිබුණා.
මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මොයිෂු සුබපැතුම් එක් කර ඇති අතර, ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය තානාපති ඇන්ඩෲ පැට්රික් මෙන්ම ශ්‍රී ලංකාවේ ජපාන තානාපතිවරයාද සුබපැතුම් එක් කර තිබෙනවා.
මේ අතර අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ද අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය සුභාශිංසන එක් කර තිබුණා.

