ශිෂ්‍යත්ව ගැටලුවට ජනපති දුන් විසඳුම

ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව සම්බන්ධයෙන් දෙමව්පියන් පිරිසක් ඊයේ පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවි සාකච්ජා පැවැත්වුවා.
තම ගැටලුව සම්බන්ධයෙන් දීර් ඝ ලෙස ජනාධිපතිවරයා දැනුවත් කළ බවයි දෙමව්පියන් ප්‍රකාශ කළේ.
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ගැටලුවට විසඳුමක් ඉල්ලා මව්පියන් පිරිසක් ඊයේ (30) දවස පුරා බත්තරමුල්ලේදී සහ කොළඹදී විරෝධතාවල නිරත වූහ.
පසුව ඔවුන් ඊයේ පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලය අසළ ද රැඳී සිටිමින් විරෝධතාවේ නිරත වූ අතර, එහිදී මව්පියන් හය දෙනෙකුට ජනාධිපතිවරයා සමග සාකච්ඡාවකට හිමිව ඇත.
එම සාකච්ඡාවෙන් අනතුරුව මව්පියන් මෙසේ අදහස් දැක්වූහ.
“එතුමා කියනවා කිව්වා උත්තර ප්‍රශ්න පරීක්ෂාව නතර කරනවා කියලා. අපි ඉල්ලීමක් කළා පළමු පත්‍රය තියන්න.
අපේ සටන ජයග්‍රහණය කරා කියලා අද දවසේ සතුටු වෙන්න පුළුවන්”.

