චීනයේ ෂැංහයි නුවර පිහි ඇනුමකින් තිදෙනෙක් ජීවිතක්ෂයට

චීනයේ ෂැංහයි නුවර පිහි ඇනුමකින් තිදෙනෙක් ජීවිතක්ෂයට

චීනයේ ෂැංහයි නුවර සුපිරි වෙළඳසැලක සිදු වූ පිහි ඇනුමකින් තුන් දෙනෙකු මිය ගොස් 15 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

සිද්ධියට සැකපිට ලින් නමැති 37 හැවිරිදි පුද්ගලයෙක් එම ස්ථානයේදී අත්අඩංගුවට ගත් බවයි චීන පොලිසිය පවසන්නේ.

එමෙන්ම චීනයේ ගිනි අවි භාවිතය තහනම් අතර පසුගිය මාස කිහිපය තුළ පිහි ප්‍රහාර රාශියක් එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය මාසයේදී ද 10 හැවිරිදි ජපන් සිසුවෙක් දකුණු චීනයේ ඔහුගේ පාසල අසළදී පිහි ඇනුමකින් මිය ගොස් තිබෙනවා.

ජූනි මාසයේදී, ඊසානදිග ජිලින් නගරයේ පොදු උද්‍යානයකදී ඇමරිකා විද්‍යාලයක උපදේශකයින් හතර දෙනෙක්ට පිහි ප්‍රහාර එල්ල වී ඇති බව එරට මාධ්‍ය සඳහන් කළා.

මැයි මාසයේදී, දකුණු යුනාන් ප්‍රාන්තයේ රෝහලකදී ද පුද්ගලයන් දෙදෙනෙක් පිහි ඇනුමකින් ජිවිතක්ෂයට පත්ව තවත් 21 දෙනෙකු තුවාල ලැබූ බවයි චීන රෝහල් අරංචි මාර්ග සඳහන් කළේ.

https://feji.us/flni7i

COMMENTS