නවසීලන්ත නායකයා ගත් තීරණය

නවසීලන්ත නායකයා ගත් තීරණය

ශ්‍රී ලංකාව සමග පැවති තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය පරාජය වීමත් සමගම නවසීලන්ත නායක ටීම් සවූති නායකත්වයෙන් අස්වීමට තීරණය කර තිබේ.

සවූති පවසන්නේ කණ්ඩායමේ යහපත වෙනුවෙන් ඔහු එම තීරණය ගන්නා බවයි.

නවසීලන්ත ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය සඳහා ටොම් ලේතම් පත්කිරීමට නියමිතය.

2022 වසරේදී කේන් විලියම්සන් ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වුණු අතර පසුව නායකත්වය ටීම් සවුති ට පැවරිණි.

ඔහු ටෙස්ට් තරග 14කදී නවසීලන්ත කණ්ඩායම මෙහෙයවා ඇති අතර ඉන් තරග 6ක් ජයගෙන 6ක් පරාජය විය. තරග 2ක් ජයපරාජයෙන් තොරව අවසන් වුණි.

ශ්‍රී ලංකාව සමග ගාල්ලේ පැවති පළමු ටෙස්ට් තරගය ලකුණු 63කින් පරාජය වූ නවසීලන්ත කණ්ඩායම දෙවැනි තරගය ඉනිමකින් සහ ලකුණු 154කින් පරාජය විය.

COMMENTS