මහ මැතිවරණයට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරඟ කරන බවට පළ වන වාර් තා අසත්‍යයි

මහ මැතිවරණයට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරඟ කරන බවට පළ වන වාර් තා අසත්‍යයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මෙවර මහ මැතිවරණයට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග කරන බවට පළ වන වාර්තා අසත්‍ය බව ඒ මහතාගේ මාධ්‍ය ඒකකය නිවේදනය කරනවා.

ජනතාව නොමග යැවීම සදහා නාමල් රාජපක්ෂ මහතා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග කරන බවට ඇතැමුන් ප්‍රචාර ගෙන යන බවයි මාධ්‍ය ඒකකය පෙන්වා දෙන්නේ.

තමන් දේශපාලනය ආරම්භ කර හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාව සමග ඉදිරියටත් අඛණ්ඩව දේශපාලනයේ නිරත වන බවයි නාමල් රාජපක්ෂ මහතා කියා සිටින්නේ.

එළඹෙන මහ මැතිවරණයේ දී එක් එක් අපේක්ෂකයන් තරග කරන දිස්ත්‍රික්ක හා ඊට අදාළ අවසන් එකඟතාවන්ට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙතෙක් එළඹ නැති බව ද නාමල් රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ඒකකය සඳහන් කරනවා.

COMMENTS