පාස්කු ප්‍රහාරය සම්බන්ධ වාර් තාවේ පිටු ගැලවුණාද යන්න පරීක්ෂණයක්

ජනාධිපතිවරයා වෙත ලබා දුන් පාස්කු ප්‍රහාරය සම්බන්ධ වාර්තාවේ පිටු ගැලවුණ ද එම පිටු ගැලවුණේ කොහොමද යන්න විශේෂ පරික්ෂණයක් ආරම්භ කර ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත් පවසනවා.
අද (08) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු කියා සිටියේ ඉතිහාසයේ වුණ වැරදි නව පාලනය තුළ කිසිසේත්ම සිදු නොවන බවයි.
ඒමෙන්ම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපි දැඩි තීන්දුව සිටින බවත් වැරදිකරුවන්ට දඩුවම් ලබා දීමට කටයුතු කරන බවත් පසුගිය ආණ්ඩු වගේ මෙම සිද්ධිය යටගහන්න අතුරුදහන් කරන්න ඉඩ තියන්නේ නැති බව ඔහු මෙහිදී කියා සිටියා.
ඒ සම්බන්ධයෙන් පැහැදිලි කල අමාත්‍යවරයා කියා සිටියේ ජනාධිපතිවරයා වෙත භාරදුන් වාර්තාවේ හිටපු නීති අධ්‍යක්ෂකවරයා මැදිහත් වී මෙම කටයුතු සඳහා උපදෙස් ලබා දී තිබු අතර අතර එම වාර්තාවේ කොටස් අඩු වුණේ කොහොමද, භාර දුන් ඒ්වායේ තිබුණ ද, ඉන් පසු ඒවාට කුමක් ද වුණේ මේ පරික්ෂණ කණ්ඩායම පරික්ෂණ සිදු කරන බවයි.
ඒ් සම්බන්ධයෙන් කිසිදු අසාධාරණයක් මේ රටේ ජනතාවට සිදු වන්නට ඉඩ තියන්නේ නැති බවත් එයට යම් කාලයක් යන බව ඔහු කියා සිටියා.
ඒමෙන්ම එම ක්‍රමවේදය අනුව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කිරීම් සිදු කරලා තිබෙන අතර පරික්ෂන ආරම්භ කරලා තිබෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත් වැඩිදුරටත් කියා සිටියා.

