ත්‍රිරෝද රථ ගාස්තු පහළට

ත්‍රිරෝද රථ ගාස්තු පහළට

ත්‍රිරෝද රථ සඳහා අය කරන ගාස්තුව අද (09) සිට රුපියල් 5කින් අඩු කිරීමට තීරණය කර තිබේ.

බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ත්‍රිරෝද රථ කාර්යාංශයේ ප්‍රධානී ජීවින්ද කීර්තිරත්න මහතා ඒ බව පැවසීය.

“ඒ අනුව අද සිට දෙවන කිලෝමීටරය සඳහා රුපියල් 5 කින් ගාස්තු අඩුකරන්න තීරණය කළා. ඒ අනුව පළමු කිලෝමීටරය රුපියල් 100ක් සහ දෙවෙනි කිලෝමීටරය රුපියල් 85 බවට පත්වෙනවා. ඒ අනුව බස්නාහිර පළාත තුළ එලෙස ගාස්තු නියාමනය කෙරෙනවා. සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා නියමිත මුදලට වඩා ගෙවා සේවාවන් ලබාගන්න එපා කියලා.”

COMMENTS