කැළණියේ මාර් ග කිහිපයක් ජලයෙන් යටවෙයි
අද උදෑසන 8.30න් අවසන් වූ ගතවූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනයක් එල්ස්ටන් ප්‍රදේශයට වාර්තා වී තිබෙනවා.
ඒ, මිලිමීටර් 175.5 ක්.
කලටුවාව ප්‍රදේශයට මිලිමීටර් 136.02ක වැස්සක් ඇදහැලී ඇති අතර, කිරිදිවෙල ප්‍රදේශයට මිලිමීටර් 129.08ක වර්ෂාපතනයක් ලැබී තිබුණා.
මේ අතර, වැසි හේතුවෙන් බියගම නව නුවර පාර පට්ටිවිල ප්‍රදේශයන් සම්පූර්ණයෙන් ජලයෙන් යට වී තිබෙනවා.
එමෙන්ම, පට්ටිවිල කිරිබත්ගොඩ මාර්ගයද ජලයෙන් යටවී වාහන ගමනාගමනය ඇනහිට ඇති බවයි ආපදා කළමණාකරන මධ්‍යස්ථානය සදහන් කළේ.
කැලණියේ සිට කොටිකාවත්ත ප්‍රදේශයට දිවෙන මාර්ගයද කැලණිමුල්ල ප්‍රදේශයෙන් ජලයෙන් යටවී ඇති අතර, එගොඩ කැලණිය සිරිමෙවන් රාජමහා විහාරයද ජලයෙන් යටවී තිබෙනවා.