අයහපත් කාලගුණය හේතුවෙන් බස්නාහිර පළාතේ පාසල් කිහිපයක් වසා දැමේ

අයහපත් කාලගුණය හේතුවෙන් බස්නාහිර පළාතේ පාසල් කිහිපයක් වසා දැමේ

පවතින වර් ෂාවත් සමග බස්නාහිර පළාතේ අධ්‍යපන කොට්ඨාස 03 ක පාසල් හෙට දිනයේදී වසා තැබීමට තීරණය කර තිබෙනවා.

බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා සදහන් කළේ, කඩුවෙළ, කොළොන්නාව සහ වත්තල යන අධ්‍යාපන කොට්ඨාසවල සියලුම පාසල් හෙටදින වසා තැබෙන බවයි.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් හටගෙන ඇති ජලගැලීම් හමුවේ බස්නාහිර පළාතේ පාසල් වසා දැමීමේ බලය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට පවරා තිබෙනවා.

COMMENTS