කොළඹ කොටුව සහ මඩකලපුව අතර සියලුම දුම්රිය ගමන්වාර අවලංගු කෙරේ

කොළඹ කොටුව සහ මඩකලපුව අතර සියලුම දුම්රිය ගමන්වාර අවලංගු කෙරේ

අද උදෑසන මින්නේරිය – රොටවැව මංසන්ධිය ආසන්නයේදී ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ දුම්රියක වන අලි රංචුවක් ගැටීමෙන් සිදු වූ අනතුරින් කොළඹ කොටුව සහ මඩකලපුව අතර අද (18) දිනට නියමිත සියලුම දුම්රිය ගමන්වාර අවලංගු කිරීමට පියවර ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

මෙම අනතුරින් අලින් දෙදෙනෙකු මිය ගොස් තවත් අලියෙක් තුවාල ලබා ඇති බවයි වනජීවි දෙපාර්තමේන්තුව සදහන් කළේ.

අනතුරත් සමඟ දුම්රිය පීලි පැන ඇති අතර, එහිදී ටැංකි දෙකක් පෙරලී තිබෙනවා.

එමෙන්ම, ඉන්ධන කාන්දුවක් ද සිදු ව ඇති බවයි වාර් තා වෙන්නේ

COMMENTS