ව්‍යාජ කෙටි පණිවුඩ එවා මුදල් වංචා කිරීමේ ජාවාරමක්

ව්‍යාජ කෙටි පණිවුඩ එවා මුදල් වංචා කිරීමේ ජාවාරමක්

රජය මගින් මුදල් ලබා දෙන බව පවසා ජනතාවගේ මුදල් වංචා කිරිමේ ජාවාරමක් මේ දිනවල සිදු වන බව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා.

රුපියල් 50,000ක මුදලක් රජය මගින් ලබා දෙන බවට පවසමින් කෙටි පණිවිඩ මගින් එම ව්‍යාජ පණිවුඩ ලැබෙන බවටයි ජනතාව පැමිණිලි කර තිබෙන්නේ.

පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු චාරුක දමුණුපොල මහතා සඳහන් කළේ, එම පණිවුඩ සමග පැමිණෙන ලින්ක් (Link) තුළට ප්‍රවේශ වීම හා එම ලින්ක් වෙනත් පුද්ගලයින් සමඟ හුවමාරු කිරිමෙන් වළකින ලෙසයි.

COMMENTS