යාල්දේවි සදුදා සිට ධාවනයට සැලසුම්

ලබන සදුදා සිට උතුරු මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු යළි ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
එහි උසස් නිලධාරියෙකු සදහන් කළේ, යාල්දේවී දුම්රිය එදිනට ආරම්භයක් ලෙස ධාවනයට සූදානම් කර ඇති බවයි.
උතුරු දුම්රිය මාර්ගයේ අලුත්වැඩියා කටයුතු හේතුවෙන් මේ වන විට දුම්රිය ධාවනය වන්නේ මහව දක්වා පමණයි.
ඉන්දියානු ණය ආධාර යටතේ පැයට කිලෝමීටර් 120 ක වේගයකින් ධාවනය කළ හැකි ලෙස උතුරු දුම්රිය මාර්ගය ප්රතිසංස්කරණය කෙරෙනවා.

