ඌරන් ප්‍රවාහනයට සෞඛ්‍ය සහතිකය අනිවාර් ය කෙරේ 

ඌරන් ප්‍රවාහනයට සෞඛ්‍ය සහතිකය අනිවාර් ය කෙරේ 

පැතිර යන වෛරස් රෝගය හේතුවෙන් ඌරන් ප්‍රවාහනය සඳහා සෞඛ්‍ය සහතිකය අනිවාර්ය කර ඇතැයි සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමාලි කොතලාවල මහත්මිය සඳහන් කළේ, ඒ සඳහා කොට්ඨාස භාර පශු වෛද්‍යවරයෙකුගෙන් සෞඛ්‍ය සහතිකය ලබා ගත යුතු බවයි.

පවතින තත්ත්වය පාලනය සම්බන්ධයෙන් ඌරු ගොවිපල හිමියන් සමග අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව ද ඇය සඳහන් කළා ය.

මේ දිනවල ඌරන් අතර ප්‍රජනන හා ස්වසන පද්ධතිය ආශ්‍රිත වෛරස් රෝගයක් පැතිරෙමින් ඇති අතර සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පැවසුවේ බස්නාහිර , වයඹ හා උතුරු මැද පළාත් ඇතුළු ප්‍රදේශ රැසකින් රෝගය වැළදුණු ඌරන් හඳුනා ගෙන ඇති බවයි.

රෝගය වැළඳී මිය ගිය ඌරන්ගේ මස් අනුභව කිරීමෙන් වළකින ලෙස එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

COMMENTS