ගම්මන්පිලගෙන් පාස්කු ඉරිදා ප්‍රහාරයේ දෙවැනි වාර් තාව 28 වැනිදා
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන දෙවැනි වාර්තාව ඔක්තෝබර් 28 වැනිදා එළිදක්වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සඳහන් කළා.
ඔහු මේ බව සඳහන් කළේ අද (21) පාස්කු ප්‍රහාරයේ වාර්තාව සම්බන්ධයෙන් හෙළිදරව් කරන විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදීයි.
එහිදී ඔහු විසින් පාස්කු ඉරිදා ප්‍රහාරයේ පළමුවෙනි කමිටු වාර්තාව අද එළිදැක්වූ අතර, ඒ චැනල් 4 නාලිකාවේ විසින් සිදුකල විඩියෝ පටයට අදාළ එල්ල කරන කර ලද චෝදනා 25 ක ඇත්ත නැත්ත විමර්ශනය කිරීමේ වාර්තාවයි.
අනතුරුව ඔහු විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිසියෙන් හෝ බුද්ධි අංශයෙන් සිදුවූ විමර්ශනවල යම් අතපසුවීමක්, වැරැද්දක් සිදුවූයේද යන්න පිළිබඳ විමර් ෂන වාර්තාවද එළිදක්වනු ලැබුවා.