කොළඹ – රත්නපුර පාරේ බිහිසුණු බස් අනතුරක්

කොළඹ – රත්නපුර පාරේ බිහිසුණු බස් අනතුරක්

කොළඹ – රත්නපුර පාරේ දිවුරුම්පිටිය, ගැටහැත්ත ප්‍රදේශයේ බිහිසුණු රිය අනතුරක් සිදුව තිබෙනවා.

කොළඹ සිට රත්නපුරය දක්වා සහ රත්නපුරය සිට කොළඹ දක්වා ධාවනය වූ පෞද්ගලික බස රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.

ගැටහැත්ත ප්‍රදේශයේ පිහිටි වංගුවකදීයි මෙම අනතුර සිදුව තිබෙන්නේ.

රත්නපුරය සිට කොළඹ දක්වා ධාවනය වූ බස් රථයේ රියදුරු බරපතල තුවාල ලබා රෝහල් ගතකර තිබෙන අතර කොළඹ සිට රත්නපුරය දක්වා ධාවනය වූ බස් රථයේ කොන්දොස්තරවරයා තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

මේ අතර බස් රථ දෙකේම ගමන් ගත් මගීන් පිරිසක් තුවාල ලබා තිබෙන බවයි පැවසෙන්නේ.

COMMENTS