අද සිට දින 03ක විශේෂ මදුරු මර්දන වැඩසටහනක්
අද (24) සිට දින 03ක් විශේෂ මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය පියවර ගෙන තිබේ.
ඒ පසුගිය සති කිහිපයේ පැවති වර්ෂාධික කාලගුණය හමුවේ ඩෙංගු ව්‍යාප්තිය ඉහළ යාම හේතුවෙනි.
කොළඹ , ගම්පහ , කළුතර , සහ පුත්තලම දිස්ත්‍රික්කයන්හි ඩෙංගු අවදානම් කලාපවල මෙම මදුරු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කරන බවය.මේ වනවිට දිවයින පුරා හඳුනාගෙන ඇති ඩෙංගු අධි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කලාප ගණන 22කි.ආගමික ස්ථාන, පාසල්, රාජ්‍ය සහ පෞද්ගලික ආයතන, කර්මාන්ත ශාලා සහ වැඩබිම් පරිශ්‍ර සඳහා ප්‍රමුඛතාව ලබා දෙමින් අදාළ ඩෙංගු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ ය.ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ නවතම දත්තවලට අනුව වසරේ ගත වූ කාලය තුළ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.වසරේ ගත වූ කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 40,958කි.