ඊශ්‍රායල ජාතික‍යින්ට හදිසි අවශ්‍යතාවකදී දැනුම්දීම සඳහා දුරකථන අංකයක්

ඊශ්‍රායල ජාතික‍යින්ට හදිසි අවශ්‍යතාවකදී දැනුම්දීම සඳහා දුරකථන අංකයක්

සංචාරකයන් වශයෙන් හෝ වෙනත් අවශ්‍යතාවයන් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඊශ්‍රායල ජාතිකයකින් සඳහා ශ්‍රී ලංකා පොලිසිය විසින් විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා.

ඔවුන් හට යම් පෞද්ගලික ආරක්ෂාවක් සපයා ගැනීමට අවශ්‍ය වන්නේ නම් එම දුරකථන අංකයට සෘජුව අමතා දැනුවත් කිරීමක් කරන ලෙසයි පොලිසිය දන්වා සිටින්නේ.

071-8592651 යන දුරකථන අංකය ඒ සඳහා භාවිත කළ හැකියි.

මෙම දුරකථන අංකය පොලිස් සංචාරක හා නාවික දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති දමයන්ත විජය ශ්‍රීගේ වන අතර ඔහු විසින් අවශ්‍යතාවය පිලිබඳ සොයා බලා සුදුසු ක්‍රියා මාර්ග ගැනීමට කටයුතු කරන බවයි සඳහන් වන්නේ.

තොරතුරු ලබා දීමේදී ඔබගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීම අවශ්‍ය බැවින් ඔහු විසින් විමසන තොරතුරු ලබාදීමට කාරුණික වන ලෙසද එම නිවේදනයේ සඳහන්.

COMMENTS