වැඩිම ඩෙංගු රෝගීන් පිරිස කොළඹ දිස්ත්‍රික්කයෙන්
මේ වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් හතලිස් එක්දහස් හත්සිය දෙනෙක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළා.
වැඩිම ඩෙංගු රෝගීන් පිරිසක් හඳුනාගෙන තිබෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.
එම සංඛ්‍යාව දසදහස් හාරසිය අසූහයක්.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 4936 දෙනෙක් වාර්තා වුණා.
කළුතර දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති රෝගීන් සංඛ්‍යාව 2306ක්.
ඒ අනුව බස්නාහිර පළාතෙන් රෝගීන් 17728 දෙනෙක් වාර්තා වී ඇති බවයි ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ.
මේ මාසයේ ගත වූ කාලය තුළ පමණක් රටපුරා රෝගීන් 2289 දෙනෙක් හඳුනාගෙන තිබෙනවා.
පසුගිය මාසයේ වාර්තා වූ රෝගීන්ගේ සංඛ්‍යාව 2769ක් බවයි ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ