විමල්ට එරෙහි නඩුව නොවැම්බර් 25ට කල්යයි

විමල්ට එරෙහි නඩුව නොවැම්බර් 25ට කල්යයි

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු 6 දෙනෙකුට එරෙහි නඩුවක වැඩිදුර විභාගය ලබන මස 25 වනදා දක්වා කල්තැබුවා.

2016 වසරේ ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයා දිවයිනට පැමිණි අවස්ථාවේ කොළඹ ජගත් සංවිධාන කාර්යාලය ඉදිරිපිට මාර්ග අවහිර කිරීමින් උද්ඝෝෂණය කිරීම ඔවුන්ට එරෙහි චෝදනාවයි.

මෙම නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඉදිරියේ අද (28) කැඳවූවා.

නඩුවේ පළමු විත්තිකරු වන විමල් වීරවංශ මහතා අධිකරණය හමුවේ අද (28) පෙනී සිටියේ නැහැ.

ඔහු අසනීප තත්ත්වයෙන් පසුවන බවයි ඔහුගේ නීතිඥවරයා පැවසුවේ.

ඒ අනුව නඩුව ලබන මස 25 වනදාට කල්තැබූ මහේස්ත්‍රාත්වරයා සාක්ෂිකරුවන්ට එදින අධිකරණයේ පෙනී සිටින ලෙස ද දැනුම් දුන්නා

COMMENTS