කොළඹ නාගරික ජනතාවගේ උද්ධමනය පහළට
ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2024 ඔක්තෝබර් මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතයන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
2024 සැප්තැම්බර් මාසයේදී -0.5%ක් ලෙස වාර්තා වූ කොළඹ උද්ධමනය 2024 ඔක්තෝබර් මාසය වන විට -0.8% ක් දක්වා අඩු වී ඇති බවයි එහි සඳහන් වන්නේ.
එමෙන්ම ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය 2024 ඔක්තෝබර් මාසය වන විට 1.0% දක්වා වැඩි වී තිබෙනවා.
2024 සැප්තැම්බර් මාසයේ දී -0.5% ක් ලෙස වාර්තා වූ ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය 2024 ඔක්තෝබර් මාසයේ දී -1.6% ක් දක්වා අඩු වී ඇති බවයි සඳහන් වන්නේ.