පොලිස් නිලධාරීන්ගේ ක්‍රියාකාරකම් වීඩියෝ කළාට වරදක් නැති බව පොලීසියම කියයි

පොලිස් නිලධාරීන්ගේ ක්‍රියාකාරකම් වීඩියෝ කළාට වරදක් නැති බව පොලීසියම කියයි

පොලිස් නිලධාරීන්ගේ රාජකාරී සහ ක්‍රියාකාරකම් වීඩියෝ ගත කිරීම සම්බන්ධයෙන් පොලිස්පති නිල කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

පොලිස් නිලධාරීන් සිදුකරන රාජකාරී සහ නිලධාරීන්ගේ ක්‍රියාකාරකම් මහජනතාවට වීඩියෝ ගත කිරීමට හැකියාව පවතින බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

මෙලෙස වීඩියෝ ගත කරන අවස්ථාවලදී ඇතැම් නිලධාරීන් එම පුද්ගලයන්ට දෝෂාරෝපණය කිරීම හෝ වීඩියෝ ගත කරන ජංගම දුරකතන පොලිස් භාරයට ගැනීම හෝ අත්අඩංගුවට ගැනීම සිදුකරන අවස්ථා දැකගත හැකියි.

එවැනි සිද්ධීන් වීඩියෝ ගත කිරීම කිසිදු නීතියකින් වළක්වා නොමැති බවයි පොලිසිය පවසන්නේ.

යම් වරදක් වීඩියෝ ගත කරන අවස්ථාවේ දී එම සංස්කරණය නොකළ වීඩියෝ දර්ශන සාක්ෂි වශයෙන් ඉදිරිපත් කිරීමේ හැකියාව පවතිනවා.

එය අපරාධ හෝ සිවිල් නඩුවක පැමිණිලි පාර්ශවයට මෙන්ම විත්ති පාර්ශවයට ද ප්‍රයෝජනයට ගත හැකි බවයි පොලිසිය පවසන්නේ

COMMENTS