පාස්පෝට් ගැටලුව තවත් දිග්ගැස්සෙන හැඩක්

පාස්පෝට් ගැටලුව තවත් දිග්ගැස්සෙන හැඩක්

විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමේ අරමුණින් බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තමේන්තුව අසල තවමත් දිගු පෝලීම් දක්නට ලැබෙනවා.

රජයේ නිවාඩු දිනයක් වුවත් බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තමේන්තුව අසල ඊයේ රාත්‍රියේ සිට දිවයිනේ නන් දෙසින් දුර බැහැර සිට පැමිණි පිරිස් මුලික සනීපාරක්ෂක පහසුකමක් හෝ නොමැතිව දැඩි අසීරුතාවයකට පත්ව තිබෙනවා.

රජය දැනුම් දෙන්නේ අත්‍යවශ්‍යම අය පමණක් විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට ලබාගැනීමට අයදුම් කරන ලෙසයි.

නමුත් අයදුම්කරුවන් පවසන්නේ ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් දිනකට නිකුත් කරන විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාණය කිසිසේත් ප්‍රමාණවත් නොවන බවයි.

කෙසේවෙතත්, විදේශ ගමන් බලපත්‍ර අයදුම්කරුවන් වෙනුවෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව දිනකට ටෝකන් පත්‍ 750ක් – 1400 අතර ප්‍රමාණයක් නිකුත් කර තිබෙනවා.

COMMENTS