හෙද සේවාව මුහුණ දෙන ගැටළු අගමැතිනියගේ අවධානයට
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ සමස්ත ලංකා හෙද සංගමයේ නියෝජිතයින් අතර හමුවක් ඊයේ ( 31 ) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදු වී තිබෙනවා .
හෙද සේවාව විධිමත්, ගුණාත්මක හා කාර්යක්ෂම සේවාවක් ලෙස පවත්වාගෙන යාමට වර්තමානයේදී බලපා ඇති ගැටලු ඔවුන් විසින් මෙහිදී ඉදිරිපත් කර තිබෙනවා .
හෙද අධ්‍යාපනය ගෝලීය තත්ත්වයන් අනුව යාවත්කාලීන නොවීම, හෙද ව්‍යවස්ථාව සේවා ව්‍යවස්ථාවේ පවතින ගැටළු , හෙද සභාව, පැවති ආණ්ඩුවලින් නොසලකා හැරීම, හෙදියට ජීවිතය අහිමිවීම, හෙද හිඟය, හෙද සේවාව දීප ව්‍යාප්ත සේවාවක් නොවීම, ප්‍රජා සෞඛ්‍ය හෙද සේවාව නිසි ලෙස ස්ථාපිත නොකිරීම, රටේ සංවර්ධනය සඳහා සෘජුවම හෙදකම භාවිතයට නොගැනීම යන කරුණු පිළිබඳවයි නියෝජිතයින් අදහස් ප්‍රකාශ කර ඇත්තේ .
සෞඛ්‍ය සේවාව කණ්ඩායමක් ලෙස සාමූහිකත්වයෙන් සිදුවිය යුතු සේවාවක් බව අග්‍රාමාත්‍යවරිය මෙහිදී පෙන්වා දී තිබෙනවා .
මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් ජී.ප්‍රදීප් සපුතන්ත්‍රී , අග්‍රාමාත්‍ය පෞද්ගලික ලේකම් වෛද්‍ය අසංග වික්‍රමසිංහ , සමස්ත ලංකා හෙද සංගමයේ ප්‍රධාන ලේකම් එන්.පී.මැදවත්ත, සභාපති රවීන්ද්‍ර කහදව ආරච්චි , සංවිධායක ලේකම් අමිල රත්නායක ,භාණ්ඩාගාරික සුරේන් දවුලගල , අධ්‍යාපන ලේකම් ප්‍රභාත් පිලිපාන, උප සභාපති සංජීව මුණසිංහ , උප ලේකම් සමන් විජේතිලක, යන මහත්වරුන් සහ එම සංගමය නියෝජනය කරමින් පිරිසක් සහභාගී වී තිබෙනවා .