අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල බස්සයි
ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළ දමා තිබෙනවා.
දිවයිනේ සියලුම ලංකා සතොස අලෙවිසැල්වල මුංඇට කිලෝවක මිල රුපියල් 850 සිට රුපියල් 799 දක්වා රුපියල් 51කින්අඩු කර තිබෙනවා.
සුදු කවුපි මිල අඩුකර ඇත්තේ රුපියල් විස්සකින්. ඒ අනුව එහි නව මිල රුපියල් 880ක්.
සුදු සීනි කිලෝවක මිල රුපියල් 248 සිට 243 දක්වා රුපියල් පහකින් පහළ දමා තිබෙනවා.
ලොකු ළූණු කිලෝවක් රුපියල් 300ක මිලට සියලුම සතොස අලෙවිසැල්වලින් ලබා ගැනීමට හැකි බව සතොස නිවේදනයක් නිකුත්කරමින් සදහන් කරනවා.
මේ අතර එළඹෙන උත්සව සමයේදී බිත්තර සහ කුකුළු මස් හිඟයක් ඇති නොවන බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමය පවසනවා.
එමෙන්ම බිත්තර සහ කුකුළු මස් හිඟයක් නොමැති බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.