අවුරුදු 16න් පහළ දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කරයි
ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 16ට පහළ ළමුන් සමාජ මාධ්‍ය ජාලා භාවිතා කිරීම තහනම් කිරීම සඳහා නීති සම්පාදනය කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එරට අගමැතිවරයා ප්‍රකාශ කර සිටියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත යෝජිත නීති මාලාව තුළින් ළමයින්ට සිදු කරන සමාජ මාධ්‍ය හානිය අවම කිරීම අරමුණු කරගත් බවයි.
කෙසේවෙතත් එරට තරුණ වයසේ පසුවන අයට මෙම නීතිය අදාළ නොවන බවද එරට රජය පවසා තිබෙනවා.