අකුරණ නගරය ජලයෙන් යට වෙයි

අකුරණ නගරය ජලයෙන් යට වෙයි

මහනුවර දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවලට අද (08) පස්වරුවේ සිට ඇද හැළෙන අධික වැසි හේතුවෙන් මහනුවර යාපනය ඒ් 09 මාර්ගයේ අකුරණ නගරය ජලයෙන් යට ව තිබෙනවා.

අකුරණ නගරය හරහා ගලා යන පිඟා ඔය සහ වහගල ඔය පිටාර ගැලිම නිසා අකුරණ නගරයේ ප්‍රධාන මාර්ග ජලයෙන් යටව තිබූ අතර හතේ කණුව, කුඩුගල ඇතුළු ප්‍රදේශද ජලයෙන් යටව තිබෙන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අකුරණ නගරය ජලයෙන් යට වීම හේතුවෙන් මහනුවර යාපනය ඒ් 09 මාර්ගයේ වාහන ගමනාගමනය පැය තුනකට වැඩි කාලයක සිට ඇණහිට තිබෙන බවද සඳහන්.

අකුරණ නගරයේ ප්‍රධාන ඔය සහ වහගල ඔය පිටාර ගැලීම නිසා වසරකට කිහිප වරක් අකුරණ නගරයට ගංවතුර ඇති වීම සාමාන්‍ය තත්වයක් බවට පත්වැති බවත් මෙවර මහ මැතිරවණ වේදිකාවේද ප්‍රධාන මාතෘකාවක් බවත් අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළා.

COMMENTS