සුජීවගේ ප්‍රශ්න සහගත මෝටර් රථය CIDය භාරයට ගන්නැයි නියෝග

සුජීවගේ ප්‍රශ්න සහගත මෝටර් රථය CIDය භාරයට ගන්නැයි නියෝග

හිටපු පාර්ලිමේන්ත්‍ර මන්ත්‍රී සුජීව සේනසිංහ සන්තකයේ පවතින ප්‍රශ්න සහගත මෝටර් රථය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කර තිබේ.

ඒ අපාරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අදාළ මොටර් රථය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල වාර්තා අද (11) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරවයි

පසුගිය දිනෙක හිටපු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අයත් ටොයොටා ලෑන්ඩ් කෘෘසර් V8 වර්ගයේ සුඛෝපභෝගී ජීප් රථය නීතිවිරෝධීව එකලස් කළ එකක් බවට වලාන දූෂන මර්දන ප්‍රහාරක ඒකකයට තොරතුරක් ලැබී තිබුණි.

ඒ අනුව ඒ මහතාගේ නිවස පරීක්ෂා කිරීමටද කටයුතු කෙරිණි.

පසුව සේනසිංහ මහතාගේ නිවසේ සේවකයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා සිදුකළ ප්‍රශ්න කිරීමේදී, සේනසිංහ මහතාගේ කොල්ලුපිටිය නිවසේ සුඛෝපභෝගී රථයක් ඇතැයි හෙළිවූ බව විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ කියා සිටියේය.

පසුව නිවස පිළිබඳ කරුණු සොයා එහි එම සැකකටයුතු රථය ඇතැයි තහවුරු කර ගැනීමෙන් පසුව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකු සමග එම නිවසට ගොස් රථය පරීක්ෂා කළ බව විමර්ශන නිලධාරීන් පැවසුවේය.

එම ජීප් රථය 2010දී මෙරටට ගෙන්වා 2022 වසරේදී ලියාපදිංචි කර ඇති බවත් විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ හෙළි කර තිබුණි

COMMENTS