දේශබන්දු පොලිස්පති ලෙස පත්කිරීමට එරෙහි පෙත්සම විභාගයට දින දෙයි

දේශබන්දු පොලිස්පති ලෙස පත්කිරීමට එරෙහි පෙත්සම විභාගයට දින දෙයි

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති වශයෙන් පත් කිරීමේ තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් පෙබරවාරි 24 සහ 25 යන දිනවල විභාගයට ගැනීමට ශේෂ්ඨාධිකරණය නියම කළ තිබෙනවා.

කොළඹ අගරදගුරු හිමිපාණන් සහ තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඇතුළු පාර්ශව 08ක් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.

පෙත්සම් අද කැඳවූ අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා ඉල්ලා සිටියේ මෙහි වග උත්තරකරුවකු ලෙස නම් කර සිටින වත්මන් ජනාධිපතිවරයා වෙනුවෙන් විරෝධතා ගොනු කිරීම සඳහා කාලය ලබා දෙන ලෙසයි.

ඒ අනුව විරෝධතා ගොනු කිරීම සඳහා කල් ලබා දුන්නා.

අදාල මූලික අයිතිවාසිකම් පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් ඔහුගේ නීතිඥවරු මෝසමක් ගොනු කර තිබුණා.

ඊට එරෙහිව පෙත්සම්කාර පර්ශ්වද තවත් මෝසම් ඉදිරිපත් කර තිබෙනවා.

එම මෝසම් සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීම සඳහා ඒවා අග විනිසුරුවරයා වෙත යොමු කරන බව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල දැනුම් දුන්නා.

COMMENTS