අවසන් රැලියේ දී රිෂාඩ්ගේ සහ මස්තාන්ගේ ආධාරකරුවන් පිස්සු නටයි
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ හා හිටපු රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් මහතාගේ ආධාරකරුවන් අතර ගැටුමක් හට ගෙන තිබේ.
ඊයේ (11) රාත්‍රියේ වවුනියාව, පට්ටාන්ච්චිචූර් ප්‍රදේශයේ ඇති වූ එම ගැටුමෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව වවුනියාව පොලීසිය පවසයි.
හිටපු රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් මහතාගේ අවසන් ප්‍රචාරණ රැලිය පට්ටාන්ච්චිචූර් ප්‍රදේශයේ පැවති අතර, හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ ප්‍රචාරණ රැස්වීමක්ද අදාළ ප්‍රදේශයේ පැවැත්වීමට නියමිතව තිබුණි.
රැස්වීම වෙනුවෙන් රිෂාඩ් බදියුදීන් මහතා හා ඔහුගේ ආධාරකරුවන් ගමන් කරමින් සිටියදී මස්තාන් මහතාගේ ආධාරකරුවන් රිෂාඩ් බදියුදීන් මහතා ගමන්ගත් වාහනය වෙත පහරදී තිබේ.
අදාළ අවස්ථාවේ ආධාරකරුවන් දෙපාර්ශවය අතර ගැටුමක් හටගෙන ඇති අතර,වවුනියාව පොලීසිය හා නෙලුක්කුලම පොලීසිය මැදිහත්ව ගැටුම සමතයකට පත්කර ඇත.
ගැටුම අතරතුර පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා වවුනියාව රෝහලට ඇතුළත් කළ අතර, දෙපාර්ශවයේම වාහන කිහිපයකට හානි සිදුව ඇති බවද පොලීසිය සඳහන් කළේය.
ගැටුමට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගැනීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලීසිය හා නෙලුක්කුලම පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
රිෂාඩ් බදියුදීන් මහතා සමගි ජන සන්ධානය නියෝජනය කරමින් හා කාදර් මස්තාන් මහතා ශ්‍රී ලංකා කම්කරු පක්ෂය නියෝජනය කරමින් වන්නි මැතිවරණ කොට්ඨාසයෙන් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරයි.