ශ්‍රී ලංකා නවසීලන්ත අවසන් එක්දින තරඟය අද

ශ්‍රී ලංකා නවසීලන්ත අවසන් එක්දින තරඟය අද

නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර තුන්වන සහ අවසන් එක්දින තරගාවලිය අද (19) පපස්වරු 02.30ට පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.

තරග 3කින් සමන්විත තරගාවලිය තරග 2ට 0ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විටත් ජය තහවුරු කරගෙන අවසන්.

දකුණු අප්‍රිකා ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කරගනිමින් මෙම තරගයෙන් කුසල් මෙන්ඩිස්, පැතුම් නිස්සංක, කමිඳු මෙන්ඩිස් සහ අසිත ප්‍රනාන්දු නිදහස් කර තිබෙනවා.

ඔවුන් වෙනුවට ශ්‍රී ලංකා සංචිතයට එක්කර තිබෙන්නේ නුවනිදු ප්‍රනාන්දු, ලහිරු උදාර සහ එෂාන් මාලිංග.