A/L විභාග මධ්‍යස්ථාන තුළ ජංගම දුරකතන භාවිතය ගැන දැනුම්දීමක්
අනිද්දා සිට ආරම්භ වන උසස් පෙළ විභාගයේ දී විභාග මධ්‍යස්ථාන තුළ ජංගම දුරකතන භාවිතය සදහා අවසර හිමිවන්නේ විභාග ශාලාධිපතිවරුන්ට පමණක් බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර අවධාරණය කළා.
එම දෙපාර්තමේන්තුවේ අද පැවති විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවකදී ඔහු කියා සිටියේ, සහකාර ශාලාධිපතිවරුන්ට හෝ කාර්ය මණ්ඩලයට මෙවර ජංගම දුරකතන භාවිතයට අවසර හිමි නොවන බවයි.