ආසියාවේ අර්බුදයක් ඇති කිරීමට තායිවානය යොදා ගන්නා බවට රුසියාවෙන් ඇමරිකාවට චෝදනා

ආසියාවේ අර්බුදයක් ඇති කිරීමට තායිවානය යොදා ගන්නා බවට රුසියාවෙන් ඇමරිකාවට චෝදනා

ආසියාවේ අර්බුදයක් ඇති කිරීමට ඇමරිකාව තායිවානය යොදා ගන්නා බවට රුසියාව චෝදනා කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ආසියාවේ අර්බුදයක් ඇති කිරීමට ඇමරිකාව තායිවානය යොදා ගනිමින් සිටින බව රුසියා නියෝජ්‍ය විදේශ අමාත්‍ය අන්ද්‍රෙයි රුදෙන්කෝ පවසනවා.

ඇමරිකාව තායිවානය සමඟ මිලිටරි හා දේශපාලන සබඳතා ශක්තිමත් කරගනිමින් සිටිනවා.

ආයුධ සැපයුම වැඩි කිරීම ද ඒ යටතේ සිදු වනවා.

කලාපයේ කටයුතුවලට ඇමරිකාව මැදිහත්වීමේ අරමුණ වන්නේ චීනයට තම බලය පෙන්වීමේ අරමුණක් ලෙස බවයි රුසියාව චෝදනා කරන්නේ.

චීනය ප්‍රජාතන්ත්‍රවාදීව පාලනය වන තායිවානය තමන්ගේම භූමියක් ලෙස සලකනු ලබනවා.

එහෙත් එය තායිවාන රජය ප්‍රතික්ෂේප කරනවා.

විධිමත් රාජ්‍ය තාන්ත්‍රික පිළිගැනීමක් නොමැති වුවද, ඇමරිකාව තායිවානයේ වැදගත්ම ජාත්‍යන්තර ආධාරකරු හා ආයුධ සැපයුම්කරු ලෙස වර්ධනය වී තිබෙනවා.

පසුගිය සැප්තැම්බර් මාසයේදී ජනාධිපති ජෝ බයිඩෙන් තායිවානය සඳහා ඩොලර් මිලියන 567 ක මිලිටරි ආධාර ද අනුමත කළා.

https://n9.cl/hrv3r

COMMENTS