මහජන උපයෝගීතා කොමිසමෙන් විදුලිබල මණ්ඩලයට දැනුම්දීමක්

මහජන උපයෝගීතා කොමිසමෙන් විදුලිබල මණ්ඩලයට දැනුම්දීමක්

ලබන 06 වැනිදාට පෙර ගාස්තු සංශෝධන යෝජනාවලිය ලබා නොදෙන්නේ නම්, ගාස්තු සමීකරණය යටතේ පාරිභෝගිකයින්ට සහන සලසන බව මහජන උපයෝගීතා කොමිසම, ලංකා විදුලිබල මණ්ඩලයට දැනුම් දී තිබේ.

ඒ, ගාස්තු සංශෝධන යෝජනාවලිය ලබාදීමට තවත් සති දෙකක් දෙන්නැයි, ලංකා විදුලි බල මණ්ඩලය කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමිනි.

මහජන උපයෝගීතා කොමිසම නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, විදුලිබල මණ්ඩල ලාභයෙන් පාරිභෝගිකයින්ට කඩිනම් සහන සැලසීමට කටයුතු කිරීමට සිදුවන බවයි.

මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේ, ගාස්තු සංශෝධන යෝජනාවලිය සකස් කිරීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලය මීට පෙර අවස්ථා දෙකකදී කල් ඉල්ලූ බවයි.

ඒ අනුව, අදාළ යෝජනාවලිය ලබා දීම මාසයක කාලයක් ප්‍රමාද වී තිබේ.

COMMENTS