ආසියානු සංවර්ධන බැංකුවෙන් අමෙරිකානු ඩො. මි. 200ක ණයක්

ආසියානු සංවර්ධන බැංකුවෙන් අමෙරිකානු ඩො. මි. 200ක ණයක්

මෙරට බලශක්ති ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම් සදහා ආසියානු සංවර්ධන බැංකුව විසින් ඩොලර් මිලියන 200ක ණයක් අනුමත කර තිබෙනවා.

තරඟකාරී පුනර්ජනනීය බලශක්ති සංවර්ධනයට පහසුකම් සැලසීමට සහ බලශක්ති උත්පාදන පිරිවැය අඩු කිරීම සදහා වූ ඉලක්කගත යටිතල පහසුකම් වෙනුවෙන් මෙම මුදල ලබා දී ඇති බවයි ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට අධ්‍යක්ෂ තකෆුමි කදොනො ප්‍රකාශ කර ඇත්තේ.

බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යාමේදී ශ්‍රී ලංකාව ලබා ඇති සැලකිය යුතු ප්‍රගතිය මෙම ව්‍යාපෘතියේ අනුමැතියෙන් පිළිබිඹු වන බවද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

COMMENTS