රුසියාවෙන් යුක්රේනයේ බලශක්ති ජාලයට දැවැන්ත මිසයිල ප්‍රහාරයක්

රුසියාවෙන් යුක්රේනයේ බලශක්ති ජාලයට දැවැන්ත මිසයිල ප්‍රහාරයක්

රුසියාව යුක්රේනයේ බලශක්ති ජාලයට ‘දැවැන්ත’ මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

රුසියාව යුක්රේනයේ බලශක්ති යටිතල ව්‍යුහයට දැවැන්ත මිසයිල ප්‍රහාරයක් දියත් කර ඇති බව යුක්රේන බලශක්ති අමාත්‍යවරයා පවසනවා.

හර්මන් හලුෂ්චෙන්කෝ පවසන්නේ හදිසි විදුලිය ඇනහිටීම් රට පුරා නගර කිහිපයකින් වාර්තා වන බවයි.

පිපිරීම් කිහිපයක් ද වාර්තා වුණා.

අද අලුයම යුක්රේන ගුවන් හමුදාව මිසයිල අනතුරු ඇඟවීම් රටපුරා නිකුත් කර තිබුණා.

මෙය මේ මාසයේ රටේ බලශක්ති පද්ධතියට එල්ල වූ දෙවන ප්‍රහාරයයි.

ඉන් සිදුවූ හානි පිළිබඳ යුක්‍රේනය මෙතෙක් හෙළි කර නැහැ.