රට වටේ අහස අඳුරු වීමට හේතුව
කොළඹ ඇතුළු ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල වායු තත්ත්ව දර්ශකය ඉහළගොස් ඇති බව මධ්‍යම පරිසර අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය අජිත් ගුණවර්ධන මහතා පැවසීය.
දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වයත් සමග ඇතිව තිබෙන අදුරු ආලෝකය පිළිබඳ පැහැදිලි කිරීමක් සිදුකරමින් ඔහු මේ කරුණු අනාවරණය කර සිටියේය.
මෙහිදී ඔහු පෙන්වා දුන්නේ සාමාන්‍යයෙන් මෙරට වායු තත්ත්ව දර්ශකය 50 අඩු අගයක තිබෙන බවයි.
නමුත් පසුගියදා ඇති වූ අධික වර්ෂාපතනයත් සමග එම දර්ශකය ඉහළ යෑම හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල මීදුම් තත්ත්වයකට සමාන දූවිලි තත්ත්වයක් දක්නට ලැබුණු බව පැවසීය.
අහිතකර කාලගුණ තත්ත්වය නිසා උතුරු සහ අන්තර් දේශ සීමාවේ තිබෙන වායු දූෂක කාරක මෙරටට ඇතුළු මෙම තත්ත්වයට හේතුව බව ඔහු පෙන්වා දුන්නේය.
මේ හේතුවෙන් අනුරාධපුර, යාපනය, කොළඹ වැනි ප්‍රදේශවල වායු තත්ත්ව දර්ශකය 180 වැනි ඉහළ අගයකට ගිය බවද ඔහු පැවසීය.
කෙසේ වෙතත් හෙට (30) දිනය වනවිට මෙම තත්ත්වය පහව යනු ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.
වායුගෝලයේ දුවිලි අංශු වැඩිවීම මිනිසාට අහිතකර බවත්,
ස්වසන අපහසුතා තියෙන සංවේදී පුද්ලයන් මේ පිළිබඳ වැඩි සැලකිල්ලක් දක්වා වෛද්‍ය උපදෙස් ලබාගන්නා ලෙසද ඉල්ලා සිටියේය.