ලෝක ඒඩ්ස් දිනය අදයි

ලෝක ඒඩ්ස් දිනය අදයි

ලෝක ඒඩ්ස් දිනය අදට යෙදී තිබේ.

මෙවර එහි තේමාව, අයිතීන් සුරකිමු – ඒඩ්ස් නවතමු යන්නයි.
වාර්ෂිකව මෙරටින් HIV ආසාදිතයින් වාර්තා වීම ඉහළ ගොස් ඇතැයි, සෞඛ්‍ය අංශ සඳහන් කළේ ය.

ඒ අනුව මේ වසරේ මුල් මාස 06 තුළ පමණක් මෙරටින් හඳුනාගෙන ඇති HIV ආසාදිතයින් සංඛ්‍යාව, 421 ක්.

පසුගිය වසරේදී වයස අවුරුදු 15 ත් 24 ත් අතර HIV ආසාදිතයින් 105 දෙනෙකු හඳුනාගෙන තිබිණි.

එය එම වසරේ සමස්ත ආසාදිතයින්ගෙන් 15% ක ප්‍රතිශතයක්.

HIV යනු වෛරසයක් වන අතර, එහි අවසන් තත්ත්වය හඳුන්වන්නේ, ඒඩ්ස් ලෙසයි.

HIV හෙවත් මානව ප්‍රතිශක්ති ඌනතා වෛරසය කුමන හෝ ක්‍රමයකින් පුද්ගලයකුගේ ශරීරගත වුවහොත් එම පුද්ගලයිගේ ශරීර අභ්‍යන්තර ආරක්ෂක ක්‍රියාවලිය සම්පූර්ණයෙන් ඇණහිටී.

COMMENTS